තම මුදල් පාස්කු ත්රස්තවාදීන්ට ලැබී ඇති බවට පළවූ වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
අද (29දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
“රිෂාඩ්ගේ මුදල් පාස්කු ත්රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු තිබෙනවා කියලා පුවතක් තිබෙනවා.මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් මේ මාධ්‍යෙයන් ගෙනල්ලා තියෙන්නේ.
ඒ වගේ පොලිස් මාධ්යප්රකාශකතුමා කියලා තියෙනවා නම් මම වගකීමෙන් කියනවා මේක අසත්‍ය චෝදනාවක්.මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට රටට පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.අද මම එන්තරවාසියක් යවලා තියෙනවා එතුමාටත් මේ අද වෙබ් අඩවි ආයතනයටත්.
ඒ වගේ බොරුවක් සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් ඡන්දය ලංවෙනකොට ගෙනල්ලා තියෙන එක අපේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කරන කුමන්ත්‍රණයක් කියලා මං හිතනවා.
එතුමා ඒ වගේ ප්‍රකාශයක් කරාද කියන්න මං දන්නේ නෑ.එතුමා එහෙම කරලා නැත්නම් පැහැදිලි කිරීම් කරන්න ඕනී මේ ගැන සත්‍යතාවය රටට ජනතාවට දැනගන්න.ඒ වගේම මේ මාධ්යෙයනුත් මම ඉල්ලීමක් කරනවා සත්‍යතාවය ජනතාවට එළිකරන්න කියලා.සතියක් මම බලනවා.සතියක් ඇතුලත ඒක කරලා නැතිනම් මම මගේ නීතීඥ මහත්මයා හරහා එන්තරවාසි යවලා තියෙනවා මේ පාර්ශව දෙකට.”