හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමා ඉන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
මෙම පෙත්සම පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දෙන ලදී .
මේ අතර මෙම පෙත්සම විභාග කිරීමෙන් තමා වැළැකී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක ද සිල්වා මහතා අද දැනුම් දෙන ලදී .