හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බොරැල්ල පොලීසියට අමතරව කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය හා කොළඹ දකුණු ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ දිනයේදී දැරිය ඉගෙනගත් අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍ර දේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගෙන් හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
අද දිනයේදී විමර්ශන කණ්ඩායම් ඩයගම ප්‍ර දේශයට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
එසේම රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ සිටි පිරිමි සේවකයෙකුගේ දුරකතනය පොලීිසිය භාරයට ගෙන ඇති අතර එහි දත්ත මකා දමා තිබේදැයි යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.
දැරිය කෘරත්වයකට භාජනය වී ඇත්දැයි යන්න පිළිබව මෙන්ම වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණුත් විමර්ශනය කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.