පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ පිහිටා ඇති නිවසට මෙහෙකාර දැරිය ගෙනෙන විට ඇයගේ වයස අවු. 15 යි මාස 11ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම දැරිය පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරමින් සිටියදී පසුගිය 13 දා ජීවිතක්ෂයට පත්විය.
දැරියගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හා මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂාවේ කරුණු අනුව තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතව බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඩයගම පදිංචිව සිටි මෙම දැරිය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට ගෙනවිත් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැන අධිකරණය විසින් තීරණයක් ලබාදීමට නියමිතය.