ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනිමට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා හෙට (15) ඉදිරිපත් කරන බව නීතීපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
වගඋත්තරකරුවන් වෙන්වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ ඉල්ලීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ලබන 21 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් සැකපිට අත්අඩංගවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාගයට ගැනීමට මීට පෙර අවස්ථාවකදී තීරණය කළ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔවුන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කොට ඇත.
මෙම රිට් පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඞී.නවාස්, සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන්, චිත්ත රංජන් හුළුගල්ල සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් රිට් පෙත්සම් පහක් ගොනු කොට තිබිණි.
රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂිස්, සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් ගොනු කළ මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඞී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා නම් කොට ඇත.
2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් පසුගිය 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බව පෙත්සම්කරුවෝ ස`දහන් කර සිටිති.
ස්වභාවික යුක්ති මූලධර්මයටන් පටහැනිව මහේස්ත්රා ත්වරයා මෙම වරෙන්තු නිකුත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්රාුත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
තමන් අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට කළ උපදෙස්ද බලරහිත කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම නඩුව විමසීමෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉවත් කර ඒ සඳහා වෙනත් මහේස්ත්රාත්වරයෙකු පත් කරන්නැයිද ඉල්ලා සිටිති.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්ල තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්ල එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ලබන බදාදා ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.