හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත පැමිණියේය.
මහබැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන් අද උදෑසන නියෝගක් නිකුත් කර තිබුණි.
ඒ අනුව , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස්, එහි හිමිකරු ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල යන පිරිස මේ වන විට නීතිඥයින් සමග අධිකරණයට පැමිණ ඇති බව ආරංචි වෙයි.