විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ වායු පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මෙම ගිනිඅවි සොයා ගෙන ඇති බවයි.
ඒ අනුව වැල්ලම්පිටිය පොලිස් වසමේ නාගහමුල්ල 101 වත්ත ප්‍රදේශයේ නිවසක තිබී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් වන අතර ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.