හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සැප්තැම්බර් මස 6 වනදා නඩුවේ දෙවන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇත.
මෙහිදී විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදෙන ලෙසය.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩුව දිනෙන් දින කල්යෑම වළක්වා ගැනීම සඳහා එම ඉල්ලීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.