හිදෝගම, කිරිමැටියාව හන්දියේදී අද (03දා) උදෑසන යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හිදෝගම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හිදෝගම පොලීසියට අනුයුක්තව උතුරු මැද පළාත් දිසා විශේෂ වැටලීම් ඒකකයේ සේවයේ නිරතව සිටි, හිදෝගම, තුරුවිල, අංක 104 පහළ පදිංචිව සිටි ඉලගොල්ලේ ගෙදර එදිරිසූරිය (අවු.52) නමැති එක්දරු පියෙකි.
අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ (03දා) උදෑසන හෙරොයින් ජාවාරමක් වැටලීමේ මෙහෙයුමකට සහභාගි වීම සඳහා අනුරාධපුරය මූලස්ථාන පොලීසියේ පිහිටි වැටලීම් අංශයට යමින් සිටියදී, ශ්රාවස්තිපුර හන්දිය දෙස සිට හිදෝගම දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී තිබේ.
ලොරි රථ රියදුරුට රථය පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ ගැටී ඇළමාර්ගයක් අසල නරත වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා නෙළුබෑව රජයේ රෝහලට ඇතුළත් කර තිබුණද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ලොරි රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (03දා) අනුරාධපුරය අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එප්පාවල - තිසර සමල්