ගංජා ප්රවාහනය කිරිම හා පලායාම යන චෝදනා සම්බන්ධව බන්ධනාගාරගතව සිටින රංගන ශිල්පි රයන් වැන්රෝයන් මහතා අද (25) තෙවන වරටත් මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ලබන මැයි 2 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය .
අමිල ප්රසංග නොහොත් සන්ෂයින් සුද්දාට අයත් මාතර, මිරිස්ස ප්රදේශයේ හෝටලයක රයන් මහතාට අයත් මෝටර් රථයක තිබි ගංජා මිලිග්රෑම් 5,750 ක් පොලිසිය විසින් සොයාගෙන තිබු අතර ඒ අනුව පසුගිය 4 වනදා ඩුබායි රටින් මෙරටට පිටුවහල් කිරිමෙන් පසුව අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ගංජා ප්රවාහනය සම්බන්ධ නඩුව සඳ හා වැලිගම පොලීසිය වෙත භාර දෙනු ලැබිය .
ඒ අනුව රයන් මහතා මෙම මස 5 වනදා ස හ 11 වනදා මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එහිදි රයන් මහතාගේ නිතිඥයන් විසින් ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද එය ප්රතික්ෂේප කෙරුණි .
අද (25) දිනයේ තෙවන වරටත් රයන් මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ඇප ලබාදිම ප්රතික්ෂේප කරමින් මාතර ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැලිගම පොලීසිය වෙත නියෝග කරනු ලැබුවේ සැකකරු සන්තකයේ ගංජා තිබුනද නැද්ද පිළිබද වාර්තාවක් මැයි මස 2 වදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් එදින වන තෙක් යලි සැකකරු බන්ධනාගාරගත කරන ලෙසත්ය .
මාතර - මහේෂ් මලවරආරච්චි