රියදුරන්ගේ විනය කඩාවැටීම නිසා රිය අනතුරු ශීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
මේ නිසා රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින රියදුරන්ගේ විනය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද ඔහු පවසා සිටියේය.
අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව රියදුරු පුහුණුව ලබාදීමේදී සිදුවන ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා රිය පුහුණු පාසල් නියාමනය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
මීට අමතරව රිය බලපත්‍ර නිකුත් කිරීමේදී පවත්වන ප්‍රා‘යෝගික පරීක්ෂණවලදී සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වීමේ කටයුතුවලින් කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හා ඔටෝ මොබයිල් සංගමයට ලබාදීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
ආරම්භයක් වශයෙන් කොළඹ වේරහැර කාර්යාලය මගින් පවත්වන ප්‍රා‘යෝගික පරීක්ෂණ කොටසක් මෙලෙස ලබාදෙන බවත්, අත්හදා බැලීමක් ලෙස මාස 06ක කාලයක් මෙය ක්‍රියාත්මක කරන බවත් එහි සාර්ථකත්වය මත මෙම කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව රියදුරු බලපත්‍ර‘යේ තොරතුරු ජාතික හැදුනුම්පතට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.