හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
“දේශපාලඥයින් වගේ ඇතැම් අය මාධ්‍ය සංදර්ශන දානවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විමර්ශනයෙන් පසුව මේ ගැන කිව්වනම් හොඳයි. ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා.”