කෝවිඩ් 19 ආසාධිත රඹුක්කන ඊරියගොල්ල පදිංචි කාන්තාවක් ගම් කිහිපයක සංචාරය කර ඇති හෙයින් ග්‍රාම සේවා වසම් 03ක ගම් 07ක් හුදකළා කළ බව රඹුක්කන පොලීසිය පවසයි. මෙසේ හුදෙකලා කර ඇත්තේ වල්කොටුව, වත්තගම, කිරිවල්ලාපිටියගම, අලවත්ත. බොරලුව, පීලීකුඹූර, ඇඹූල්අඹේගම යන ගම් වේ.
මෙහි පවුල් 600 ක නිවැසියන් 2400 ක් පමණ ජීවත්වේ. මෙම ආසාදිත වු කාන්තාව නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරයි.
ඇයට 14දා කෑගල්ල රෝහල මගින් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වි තිබේ.
ආසාදිත කාන්තාව කාත්තන්කුඩි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.