ඉතාලියේ , රෝමයෙහි සේවය කරමින් සිටි ශ්රී ලාංකිකයෙකු වන වැලිවේරිය, නැදුන්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකුවූ 32 හැවිරිදි සුපුන් හිරුණ පෙරේරා මහතා හදිසි අනතුරකින් රෝමයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එක්දරු පියෙකු වන සුපුන් පෙරේරා මහතා, ගම්පහ ප්රාදේශීය සභාවේ මන්ත්රීවරියක සහ පාඨශාලාචාර්යවරියක වන සචිනි සෙව්වන්දි සේනාරත්න මහත්මියගේ සැමියාය.
දේහය මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව පවුලේ ඥාතීන් සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක