ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවටවිවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත්, එවන් තීරණයක් රූපවාහිනී සංස්ථාව ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.
ඇය නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ඒ පිළිබද සකච්ඡාවක් හෝ සිදුකර නොමැති බවයි.ජාතික රූපවාහිනියේ ලාංඡනය වූ ‘සැළලිහිණියා’ අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයක් බව ඇය පවසයි.
රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාවට නංවා තිබෙන අතර, ඒ සඳහා රූපවාහිනියේ නමින් බිඳී ආ ‘රූ ඩිජිටල්’ (RU Digital)නම් වූ උපසන්නාමය භාවිත කරන බවද ඇය පවසයි.