කොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය නිවේදනය කරයි.
මෙම දීමනාව නිලධාරීන් විසින් සෑම අවස්ථාවකදීම ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් ලබාදීමට කටුයුතු කරන බවත් ගෙවීම් සඳහා පොදු ස්ථානයක් යොදා ගන්නේ නම් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති සියලු උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් රජය දන්වා සිටියි.
එසේම සුදුකම් ඇති අයට මෙම ගෙවීම නොලැබෙන්නේ නම් අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් අප්‍රේල් 22 දා ගෙවීමට කටයුතු කරන බවත් රජය වැඩිදුරටත් දන්වා සිටියි.