ඇමෙරරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබූ රුපියල අද දිනයේදි යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කෙරිණි. ඒ අනුව මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 175.82ක් දැක්විය. එය ඊයේ සටහන් වූයේ 177.32ක් ලෙසිනි.