විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැනි සිට දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරයි.
මෙම ක්‍රියාමාර්ගත්, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ ඇ.ඩොලරයට සාපේක්ෂව රුපියල 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
මේ අතර නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව මහ බැංකුව නැවතත් පවසන අතර, දැනට දළ නිල සංචිත ඇ.ඩො.බිලියන 5.6ක් බව කියයි. සංචිත ම්ට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡාද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් ඇති බවද පෙන්වා දෙයි.
මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන බවත්, එමගින් ඉදිරි කාලයේදීද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහාද උපකාරී වනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.