රුපියලේ සිදුව ඇති අවප්‍රමාණය වළක්වා ගැනීමට මහ බැංකුව පසුගිය ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සිය සංචිත සතුව තිබූ ඩොලර් මිලියන 184ක මුදලක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බව පවසයි.
අද පෙරවරුවේ පැවැති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මේ බව අනාවරණය කෙරිණි.
එහෙත් එවැනි තත්ත්වයත් යටතේ වුවද එම කාලසීමාවේදී රුපියලේ අවප්රමාණයවීම 9%ක් බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී සඳහන් කළේය.
"2015 වසරේ ඉඳන් මේ දක්වා වත්මන් රජය යටතේ රුපියල් අවප්රමාණයවීම වැළැක්වීමට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.2ක් වැය කර තියෙනවා. ඒත් රුපියල 9%කින් අවප්‍රමාණය වෙලා. 2011 – 2012 කාලසීමාවේදී ඩොලර් බිලියන 4.1ක් වැය කළා. ඒත් එතැනදී රුපියල 15% කින් අවප්‍රමාණය වුණා'% යැයිද අධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.