රුපියලට වඩා 'රාජපක්ෂවරු' අවප්‍රමාණය වී ඇති බව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
කටුපොත පොලිස් ස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.
1994 වසරේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජය බාර දෙන අවස්ථාවේදී ඩොලරයක් සඳහා ගෙවිය යුතු අගය රුපියල් හතලිස් නවයක් බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී පැහැදිලි කළේ.
2001 වසරේ යළිත් රජය බාර ගන්නා විට ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 93 දක්වා ඉහළ ගොස් තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
2004 වසරේ යළිත් එක්සත් ජාතික පක්ෂය රජය බාර දෙන අවස්ථාවේදී ඩොලරයේ අගය රුපියල් 96ක් වූ අතර 2015 වසරේ යළිත් රජය බාර ගන්නා විට එය රුපියල් 144 දක්වා ඉහළ ගොස් තිබූ බවද ඔහු පැවැසීය.
2005 වසරේ ජනාධිපති වූ අවස්ථාවේ මහරජාණන් ලෙස හැඳින්වූ මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ අවප්‍රමාණය වී පරාජය ව වූ බවත් පසුව අගමැති තනතුර සඳහා ත් පසුව විපක්ෂ නායක තනතුර ලබා ගැනීම සඳහාත් උත්සාහ කළ ද එහිදීත් අවප්‍රමාණය වූ බව අමාත්‍යවරයා පැවැසුවා.
ඒ අනුව බලන විට රුපියලට වඩා රාජපක්ෂවරු පසුගිය කාලයේ අවප්‍රමාණය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසුවා.