කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හංදියේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු ඒ මොහොතේම (10) මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි
රන් තැල්ලක් , අත් පළඳනාවක් හා කාන්තා රන් මුදුවක් සැකකරු කොල්ල කෑ භාණ්ඩ අතර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින සැකකාර පුද්ගලයා සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මිතුරන් මාර්ගයෙන් අන්තර්ජාලය ඔස්සේ කැසිනෝ ක්‍රීඩාවට තදින්ම ඇබ්බැහි වූ අයකු බව පොලිසිය කියයි
(10) පෙරවරුවේ ඔහු විසින් රුපියල් දෙලක්ෂ විසි දහසකට උගස් තබන ලද රන් භාණ්ඩ පැය කීපයක් ගතවෙද්දී බේරා ගැනීමේ මුවාවෙන් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි
රන් භාණ්ඩ කොල්ලකා මුහුදු මාවත ඔස්සේ පුද්ගලයකු පලා යන බවට කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාට ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා ඒ බව රථවාහන අංශයේ යතුරුපැදි සංචාරයේ නිරත නිලධාරීන්ට දැනුම් දීමත් සමඟම ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම නිලධාරීන් දෙදෙනා පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලීසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන කල්මුණේ ස්ථිර පදිංචිකරුවෙකි