එල් ටි ටි සංවිධානයේ රත්රන් තොගයක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ(22) රාත්රියේ කිලිනොච්චිය ධර්මපුරම් ඩෙත්බාර් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.
කිලිනොච්චිය විශ්වමඩු යුධ හමුදා නිළධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිදුවීම වෙනුවෙන් කිලිනොච්චිය පොලිසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් සිවි දෙනෙකු සම්බන්ධවි ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවත්, අදාළ නිළධාරීන් ඉහළ නිළධාරීන්ගේ අවසරයෙන් තොරව පොලිසියෙන් පිටත්ව සහයෝගය දැක්වීම පිණිස යතුරුපැදිවලින් පැමිණ ඇති අතර, ජාවාරම්කරුවන් හසුවු අවස්ථාවේ යතුරුපැදිවලින් පළාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද(23) කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව - මාධව කුලසූරිය.