එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ මූලසථානය වෙත සිරිකොතට මීට සුළු මොහොතකට පෙර පැමිණියහ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සාමජිකයන් රාශියක් මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක්ද සිරිකොත මූලස්ථානය අසළට පැමිණ තිබේ.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීමට නියමිතව තිබේ.