ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් හෙට (10දා) දින පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙම සාකච්ඡාව ඊයේ (08දා) පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණද සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුව එය කල් දැමීමට සිදු වූ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් %අද^ පුවත්පතට පැවසීය.
යාපනයේ පවත්වන 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට සජිත් ප්‍රේමදාස මහතා යාපනයට ගොස් සිටින බැවින් මෙලෙස සාකච්ඡා සඳහා එක්වීමට නොහැකි වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුම්දී තිබේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වී සාකච්ඡා කිරීමට තීරණය වූයේ පක්ෂයේ ප්‍රධානී අතර පැවැති සාකච්ඡාවකදීය.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහභාගි වූ එම සාකච්ඡාව පසුගිය 06 වැනිදා අරලියගහ මන්දිරයේ පැවත්විණි.
මෙම හමුවට එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී නොසිටියේය.
මේ අතර ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් සංවිධානය කරන ජනරැලි කිහිපයක් පැවැත්වීමට සජිත් පාර්ශ්වය සැලසුම් කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරයෙක් 'අද' පුවත්පතට පැවසීය.