Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ජන මහිම රැළිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස්.
" මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි. මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශනයයි අපි පුටුවෙන් ඉවත් කළේ.
මේ පුටුවට පත්කළේ අපට, රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. මේක පුළුල් පරමාර්තයක්. පුළුල් දැක්මක්. දේශපාලන වශයෙන් ගුණාත්මක භාවයක්. කළ යුතු දෙයක්. මෙතන ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නෙමෙයි.
මේ කතා කරන්නේ මේ රටේ පණමෙන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ඩී.එස්. ඩඩ්ලි දර්ශනයේ ඇලී ගැලී පැහැදිලි දේශපාලන වෙනස් කිරිමේ ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ගැන විශ්වාස තබා නායකින් පසුව පස යන එජාප පාක්ෂිකයන් අහන ප්‍රශ්නයක් තිබෙනවා. කුමක්ද ඒ ප්‍රශ්ණය ඒ ප්‍රශ්ණය මීට දින හතරකට කලින් කරු ජයසූරිය මහතා මගෙන් ඇහුවා.
කරු ජයසූරිය මහතාට පැයක් කතා කරලා කිව්වා මම වෙනස කිරීමට හේතුව. ආණ්ඩුවට එක්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මගෙන් ඇහුවා. එජාප පාක්ෂිකයන්ගේ සහායෙන් බලයට පත්වූ ඔබට මහින්ද රාජපක්ෂ පත්කිරීම විනා විකල්පයක් තිබුණේ නැත්ද කියා මගෙන් අහනවා.
කරු ජයසූරිය මහතාට මම කිව්වා මතක නැත්ද මීට මාස අටකට පෙර විකල්පය ඔබට කිව්වා කියලා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, විශ්වාසභංග යෝජනාවෙන් පස්සේ මම කථානායක කරු ජයසූරිය මහතාට කිව්වා අගමැති පුටුව භාර ගන්න කියලා.
කරු ජයසූරිය මහතාට මම වැන්දේ නැති ටික විතරයි. අවසානයේදී කථානායක මාව හමුවෙන්න ආවා. මාව හමුවෙන්න තනියෙන් එනවා කිව්වා කරු ජයසූරිය මහතා හිටපු අගමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක ඇවිත් කිව්වේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑ කියලා. කරු ජයසූරිය එදා ඒ විදිහට මාව අමාරුවේ දැම්මා.
මේ කතාව අහගෙන ඉන්න එජාප පාක්ෂිකයනින් මම ව්‍යායාම අත්හැරියේ නෑ. පසුගිය මාස දෙකේදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ගෙදරට එන්න කියලා ඔබේ නායකයාත් එක්ක වැඩ කරන්න මට බෑ කිව්වා. මම සජිත්ට කිව්වා බාර ගන්න කියලා. ඔහු පස්ස ගැහුවා. මම සජිත්ට කිව්වා රනිල් අයින් කරමු ඔබ අගමැති බාර ගන්න කියලා මම කිව්වා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කළේ ගිය සතියේ. මාස දෙකක් හවසට හවසට සජිත්ට කිව්වා මම ප්‍රශ්න විසඳන්නම් කියලා. සජිතුත් කිව්වේ නායකතුමාත් එක්ක මට හැප්පෙන්න බෑ කියලයි. මම තීන්දු කළා රටට ගැලපෙන නායකයෙක් ගැන තීන්දු ගන්න. ඒ නිසා මට ගලපෙන මිනිහෙක් හෙව්වා. කරු බෑ කිව්ව අගමැතිකම, රනිල් එක්ක හැප්පෙන්න බෑ කියලා කියලා කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්නෙ නෙමෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් නායකයෙක් මම අගමැති කළා.
විදේශීය න්‍යාය පත්රවලට අපට වැඩ කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ආර්ථික දර්ශනය අහිසංක ජනතාව ගැටලුවට පත්කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. රනිල් වික්‍රමසිංහ මහතා ගියාද මහ නායක හිමිවරුන් හමුවෙන්න, ජයශ්‍රී මහා බෝධියට ගියාද, කාදිනල් හිමියන් හමුවෙන්න ගියාද. රනිල් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල ඉදිරිපට දණින් වැටිලා ඉන්නවා.
මම තනියම තීන්දු අරගෙන නෑ. නිත්‍යානුකූලවයි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළේ. රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කළේ. කැබිනට් මණ්ඩලය ඉවත් කළේ. නව ඇමතිවරු පත්කළේ. නීතිමය ප්‍රශ්ණයක් තිබෙනවානම් ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්.
අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා. 113 සැක හිතන්න එපා. 113 හදලා ඉවරයි. අපිට රට කරගෙන යන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ පොදු ජනතාවගෙන් අති බහුතරයක් අපි ගත්ත තීන්දුවේ ඉන්නවා. ජනතාව එක්ක සෙල්ලම් කරන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම් ගන්න. කළ යුතු වෙනස්කම් අපි කරනවා.
ආර්ථික ප්‍රශ්න වගේම උතුරු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සම්පූර්ණයෙන් කැපවෙනවා. අපි යුද්ධයෙන් පීඩාවට පත් අයගේ ගැටලු විසඳන්න කටයුතු කරද්දී කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්ණ ආවා. ගෙවල් 50000 ව්‍යාපෘතිය අයිති කර ගන්න රනිල් වික්‍රමසිංහ මහතා , රවී කරුණායක, ස්වාමිනාදන් අමාත්‍ය මණ්ඩල පත්රකා ඉදිරිපත් කළා. අවුරුදු තුන හමාරක් එකම ගෙයක් හදා ගන්න බැරිවුණා.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා මට කතා කළා. මම තත්ත්වය පැහැදිලි කළා. ඔහු අපිට සහාය දෙන බව කිව්වා. මිත්‍ර ඉන්දීය රාජ්‍ය මගෙන් වෙන් කරන්න අසත්‍ය ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ මහතා ගෙනියනවා. කැබිනට් මණ්ඩලයේ මා ඉදිරිපත් කළ කරුණු වරදවා මාධ්‍යයට දීලා ඉන්දීය මිත්‍රත්වය පළුදු කරන්න උත්සාහ කළා. ඉන්දීය මිත්‍රත්වය ශක්තිමත් කරනවා. අපි සියලු දෙනා එක්වෙලා හොඳ රටක් හදමු.
වැරදි අඩුපාඩු හදාගමු. සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමු. පොදු දේපල ජාතික සම්පත් ආරක්ෂා කරමින් දේශපාලන නොසන්සුන් තාව සන්සුන් කරගෙන සාමයට කැපවෙමු. කිසිම කෙනෙකුට හිරිහැර කරන්න එපා. දේශපාලන ප්‍රතිවාදීන්ට කරුණු පැහැදිලි කරන්න. අගමැතිතුමත් නව ඇමති මණ්ඩලයත් අවවාද අනුශාසනා පෙරදැරි කරගෙන මේ උතුම් මාෘතෘ භූමිය ගෙඩනගමු ශක්තිමත් කරමු.
කරු ජයසූරිය මහතාට යමක් කියන්න ඕන. ඔබ ඉතා හොඳ බෞද්ධ සිංහල නායකයෙක්. ඔබ ඉතාමත් යහපත් බෞද්ධ ජීවිතයක් ගත කරන කෙනෙක්. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගන්න. පූජකතුමන්ලාගේ අවවාද අනුශාසනා ලබා ගන්න. නීත්‍යානුකූල මම ගත් තීරණයට සහාය දිලා මෘතෘ භූමිය ගොඩනගන්න එකා වන්න කැපවෙමු. මොන බලවේග තර්ජන පීඩා කළත් මම තැබූ පය ගත්ත තීන්දුව ඉදිරියටම යනවා පසුපසට යන්නේ නෑ."
popular news
Champa Monday, 05 November 2018 08:20 PM
පස්සට යන්න වෙන්න ඕනේ නෑ. පස්සට තල්ලු වෙයි නිකම්ම. An utterly disgusting character.
Reply : 0 2
Champa Monday, 05 November 2018 08:37 PM
කතාවෙන් තේරෙන්නේ කරු සහ සජිත් කවදාවත් මෛත්‍රී වගේ තමන්ගේ නායකයට පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ මිනිස්සු නෙමෙයි කියලා.
Reply : 0 4
Nandana Monday, 05 November 2018 09:46 PM
ඉතාමත් හර කතාවක් ඔබතුමා රටට ආදරය කරන නායකයෙක්
Reply : 6 0
MISHAL-MATARA Wednesday, 07 November 2018 05:49 PM
රනිල් කවදාවත් කාගෙවත් පෞද්ගලික ජීවිත කතාකරලත් නෑ .. කතා කරන්නෙත් නෑ ... රනිල්ට දරුවෝ නැහැයි කියලා මේ වගේ කතා ජනාධිපති කෙනෙක් කීම මහත් පිළිකුල් ලෙස හෙළාදකිනවා .. ඔබටත් දැනවී ඒ දුක දරුවෙක් නැති දවසක .මා දේශපාලන ඇසෙන් නොව මනුස්සයෙක් ලෙස කියමී .
Reply : 0 0
chathuri Wednesday, 07 November 2018 07:01 PM
ඔබ තුමා. හිටියේ. දහයට ගනින්න. බැරි ගානට. , ක්කෙරුවේ නරි වැඩක්. ඔබඅහල තියෙනවද. නයි මුගටි. වයිරය. මහින්ද. සමග. හිටියේ ඒ. විදියට. , මේ. දෙන්න. එකතු වුනොත්. ලොකු. විනාසයක් වෙනවලු. කතාව. ඇත්ත. නේද. රෙද්ද ට. පටියක්. දාගන්න ගැලවෙන්න යන්නේ
Reply : 0 0
chathuri Wednesday, 07 November 2018 09:32 PM
සිරිසේනගේ. 13 හරි කිව්වා. නේද . එහාකොට ඔයාගේ. තුන. නැති. නිසා තමයි. මේ සමනල කතා කියන්නේ. ජනාදිපති. වරයකුගේ. කතාවක්ද .මේ නොම්බර. එකේ. කුපාඩියෙක් කියන කතාමේ කෙරුවෙත්. කුපාඩි. වැඩක්. විශ්‍රාම ගිහින්. දවස් කියක්. ඉදිද. කොන්ද පණනැති. නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd