අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ලබන සතියේදි සිදුවීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවේ.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන වසරේදි ත් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ඉන්දියා අග්‍රාමාත්‍ය හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය ප්‍රමුඛස්ථානය දෙමින් පුවත් පළ කර තිබුණි.