එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුවී පවතින මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (31දා)යෝජනා කර තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දයා පැල්පොල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලුම දෙනාගේ මතය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ ශක්තිමත් බලවේගයක් ගොඩනැගීම සඳහා දායක විය යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.
රටේ පවතින කොරෝනා වසංගතය නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම විසි දෙනකුට පමණක් සීමා වී ඇති අතර ඔවුන් ද පොලීසියේ විශේෂ අවසරයක් ලබා ගෙන සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊට සහභාගි වූ බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පස් දෙනෙක් ද අද පත් කෙරිණි. දිනුක් කොළඹගේ, සමන් රත්නප්‍රිය ,කිත්සිරි මංචනායක ආර් යෝගරත්නම් සහ එස්.රාජාබ්දීන් මහත්වරු කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත් වූහ.