Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 06 වන සඳුදා
2025 ජනවාරි මස 06 වන සඳුදා
චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18 දා) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.
සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලදුව මහාචාර්ය වං යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින්ශන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු වික්‍රමසිංහ චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලද්දේ චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය, බෙයිජිං හි යැන්ශි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයන් විසිනි.
ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.
චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය විසින් චීනය පුරා සිය පොත් අළෙවිහල් හා පුස්තකාල මගින් මෙම කෘතිය ජනතාව අතරට යොමු කෙරෙන බව එම ආයතනයේ නියෝජ්‍ය සභාපතිනි ෂ අයිවෙයි මහත්මිය පැවසුවාය.
චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක්ව ශ්‍රී ලංකා - චීන විශ්ව කෝෂයක් සැකසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ වන විටත් චීන පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය ඉන්දියාව සමග එක්වී ඉන්දු – චීන විශ්වකෝෂය සකස් කර ඇත.
ශ්‍රී ලංකා - චීන විශ්ව කෝෂය පිළිබඳ ශ්‍රී ලංකා සහ චීන විද්වතුන් හා වෘත්තිකයන් අතර සාකච්ඡා හෙට සහ අනිද්දා සංවිධානය කර ඇති බව සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේය.
popular news
Champa Friday, 18 January 2019 02:36 PM
නොලිය තියෙයිය. එක පොතක් නෙමෙයි චීන්නු පොත් සීයක් ලියයි. රට පාවා දීපු අගැමති. ආසියානු කලාපයේ යුධමය, ආරක්ෂමය, වෙළඳ සහ ආර්ථිකමය අතින් වැදගත්ම වරාය, ඒකේ ගොඩනගිලි, අවට ඉඩම් සහ වටේ මහ මුහුදත් ඇමරිකන් ඩොලර් බිලියනයක් වගේ සොච්චමකට ගන්න ලැබුණු එක පොත් කීයක ලියන්න ඕනෙද? විකුනපු එකා චීනෙට වීරයෙක්. ලංකාවට ද්‍රෝහියෙක්. 3 වෙනි ශත වර්ෂයේ වගේ ඉතා ඈත කාලෙක, මාගම අගනුවර කරගෙන රුහුණ පාලනය කරපු මහානාග යුව රජ්ජුරුවෝ මුළු රටම ස්වයං පෝෂිත කරලා තියෙන්නේ ගොඩවාය වරාය, පස්සේ සම්පන්තොට, ඊටත් පස්සේ හම්බන්තොට වෙච්ච ඔය වරායෙන් සහ අවට ගුදම් වලින් ලැබුණු සල්ලි වලින්. එච්චර ඒ කාලේ අපි රෙගු බදුත් අය කරලා තියෙනව. සිංහල ඔලුව තියෙන සීල් එකක් ගහල තියෙන්නේ. ඊළඟ ජනාධිපති කවුරු වුනත් කොහොම හරි මාගම්පුර වරාය ආපහු ගන්න ඕනේ. අර අක්කර 15,000 ත් දුන්නද?
Reply : 80 157
Champa Friday, 18 January 2019 02:41 PM
දැන් "පොත" දාගෙන දෙගොල්ලොම, චීනයි රනිලුයෝ දෙගොල්ලොම ඒ පාර එන්නේ මොකටද දන්නේ නැහැ. රබර් කර්මාන්ත කලාපය දාන්න යන්නේ ඔතනටම අල්ලලාද දන්නේ නැහැ. එතකොට port city එක? ඒකට නීති වෙනස් කරන්න ඕනේ නැතුව බැහැ. පොත දාල තියෙන්නේ ඒකට වෙන්න ඇති. රනිල්ට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ කවද හරි ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයක් වන්දි ඉල්ලලා ලංකාණ්ඩුව වෙනුවෙන්..
Reply : 6 92
Lal Friday, 18 January 2019 05:19 PM
මහා බැංකුව කිසිම හිරිකියක් නැතුව මංකොල්ලා කාපු එක ගැනත් ඔය පොතේ ලියලා තියෙනවද?
Reply : 1 16
ටි.ඉන්දික Friday, 18 January 2019 11:28 PM
රනිල්ට වරයා බද්දට හරි දෙන්න වෙන එක වලක්වන්න..බෑ මහින්ද ගහල තිබ්බා ගිවිසුම් අනුව..දැන් ඒ අයට තේරේන්නේ නෑ..රනිල්රාජ්ය තාන්ත්‍රික බව රැක ගන්න යාන්තම් බේරා ගත්ත..මොනවා වුනත් චීන්නුත් අවබෝධ කරගෙන ඉන්වා ඇති කපටි කමට ඔක්කකොම සින්නක්කර දුන්න මහින්දට වඩා රාජථ්රාන්ත්රික වැදගත්කමක් ඇති මනිහා ඊට වඩා වටිනවා කියගා..අමු ගොනෙක් එක්ක වැඩ කරනවට වඩා කපටි චීන්නු දන්නවා මොල්කාරයෙක් එක්ක වැඩ කලම යන්තම් හරි නම්බුක් තියනවා කියලා
Reply : 0 1
Champa Saturday, 19 January 2019 02:02 AM
රනිල්ගේ biography එක චීන්නුට වැදගත් මාගම්පුර වරාය වික්ක හින්දා. ඒ බව චීන්නුන්ට දැන ගන්න චීන භාෂාවට දානවා. අනාගතේ චීන්නු කියයි ලංකාව චීනේ දෙවෙනි Hong Kong එක කියලා. One country - two systems. Port City ආවට පස්සේ ලෝකේ අනිත් රටවල් චීන ජනාධිපතිගෙන් අහල වැඩ කරන්න පටන් ගනියි. ඇයි අප්පා සෙල්ලම්ද? දකුණත් චීනට, කොළොඹත් චීනට. වරායවල් එක හමාරක් චීනට. පොළොවත් අයිතියි. මුහුදත් අයිතියි. තව චීනු කඩත් දාගෙන. චීන්නු ලක්ෂයක් දෙකක් විතර ලංකාවේ වැඩ. හරියට බැලුවොත් චීන්නුගේ කොලනියක් මේ රට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd