හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර ලබාදිය නොහැකි බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවැසිය නොහැකි බව ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
“හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කිරීමට නොහැකි බවට ජනපතිට කියන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව අපි පෙන්වා තිබෙනවා.
තව හෝරා කිහිපයක් තුළ මේ ගැටලුව අවසන් විය යුතුයි. අපි එතුමා නායකයා කියලා පිළිගන්නවා. කවුරු මොනවා කිව්වත් නීතිය අනුව නායකයා ඔහුයි.
මරණාධාර සමිතියකවත් ව්‍යවස්ථාව උල්ලංගණය කරන අවස්ථා නෑ. නමුත් ජනපති ඒ වැඩේ කළා.”