වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිට ගෙන ආ පනත් සහ සංශෝධන මේ රට සහ රටේ ජාතික සම්පත් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වි චානක සඳහන් කරයි.
අද දින කොළඹ පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“19 වෙනි සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුව කිව්වේ ඔවුන් විශාල ජයග්‍රහණයක් ලැබූ බවයි. නමුත් දහනමවැනි සංශෝධනය නිසා අද රට ව්‍යාකූල වෙලා. එම සංශෝධනයෙන් ජනාධිපතිට හෝ අගමැතිට නිසි බලයක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ එකතුවෙන් තොරව රට ඉදිරියට යන්නේ නැහැ. ඉදිරියේදී සජිත් රනිල් සුසංයෝගයක් ඇතිවුණොත් නැවතත් ඇති වෙන්නේ පොර කුකුල් දෙන්නෙක් වගේ අණ කොටා ගන්න එකයි. රණ්ඩුව බලාගෙන ඉන්න ජනතාවට සිදුවෙනවා. ජනාධිපති වරයාගේ සහ අගමැතිවරයාගේ සහයෝගයෙන් තොරව රට කරන්න බැහැ.
සජිත් පේ‍්‍රමදාසට අපේක්ෂකකම ලබාදුන්නා කියලා අපි දැනගත්තෙ මලික් සමරවික්‍රම සජිත්ගේ පැත්තේ වාඩි වෙනවත් එක්කමයි. අපි දන්නවා සජිත් පේ‍්‍රමදාස ළඟට මලික් සමරවික්‍රම ගියේ රනිල්ගේ කොන්දේසි කිහිපයකට සජිත්ව කැමති කරවගන්න කියලා.
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකකම ආරක්ෂා කරගන්න මේ සියලූ උපක්‍රම යෙදුවා. එහෙම වුණොත් රනිල් වික්‍රමසිංහ තමයි ඉදිරියෙහි විපක්ෂ නායක වෙන්නේ. පසුගිය අවුරුදු 15 ක කාලය සජිත් පේ‍්‍රමදාස කිසිම මැතිවරණයක් දිනලා නැහැ. රනිල් වික්‍රමසිංහට තිබෙන පැරදීමේ රෙකෝඩ් එක කඩන එකම කෙනා සජිත් ප්‍රේමදාස කියලා පැහැදිලියි. තව අවුරුදු විසිපහකට පරදින එකම නායකයා සජිත් පේ‍්‍රමදාසයි. සජිත් පේ‍්‍රමදාසගේ සහ රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම් රටට හෙළි කළ යුතුයි.
අන්තවාදි පක්ෂ වන රිෂාඞ් බදුර්දීන් ,දෙමළ පක්ෂ සන්ධානය වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස ලබාදී තිබෙන ගිවිසුම් මොනවද කියලා අපි දැනගන්න කැමතියි. සජිත් පේ‍්‍රමදාස අවුරුදු හතහමාරක් තුළ සෑම ගිවිසුමකට එකඟ වුණා. මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කළා. හම්බන්තොට වරාය විකුණුවා. රණවිරුවෝ හිරේ දැම්මා. හාමුදුරුවරු හිරේ දැම්මා. මහ බැංකුව මංකොල්ල කෑවා සජිත් කතා කළේ නැහැ. එතුමාගේ කට ඇරුනේ තමන්ගේ අපේක්ෂකකම ගන්න විතරයි.
අද සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවල ඉන්නේ මහබැංකු මංකොල්ලයෙන් වංචනිකව මුදල් ලබාගැනීම පිළිබඳව චෝදනාවට ලක් වූ මන්ත්‍රීවරු. මම නැවත වරක් සජිත් පේ‍්‍රමදාසට අභියෝග කරනවා මහබැංකු ගණුදෙනුවෙන් රුපියල් මිලියන පහක් ගත්තේ නැතිනම් ඒ පිළිබඳ දිවුරුම් පෙත්සමක් දෙන්න කියලා.
සජිත් පේ‍්‍රමදාසට අපි කියනවා පුළුවන්නං ඇවිල්ලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරලා පෙන්නන්න කියලා. ලබන නොවැම්බර් දාහත් වැනි දා ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වශයෙන් දිවුරුම් දීම නියතයක් වන බවත්” මන්ත්‍රීවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය .