කොවිඩ් 19 ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබේ.
රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා වසංගත තත්ත්වය හේතුවෙන් මතුවන සමාජ, ආර්ථික, ගැටලු අවම කර ගැනීමට නම් සියලු දෙනාට පිළිගත හැකි සම්පූර්ණ සැලසුමක් අවශ්‍ය බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
සියලු දේශපාලන පක්ෂ නායකයන්, අදාළ ආයතන හා අධිකාරී කැඳවා සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවට හා අනෙකුත් සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.