හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොල මහතා ඉදිරියේ අද (17දා) කරුණු ඉදිරිපත් කළේය.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවන් තිදෙනාගෙන් වහාම ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නිතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ නියමට අනුව එම ප්‍රකාශයන් ලබාගැනීමෙන් අනතුරුව මෙම පියවරන් අනුගමනය කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඔහුගේ නිතීඥවරුන් අද (17දා) අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේය.