‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි මස 29 වැනිදා සිට අගොස්තු මස 02 වැනිදා දක්වා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීරණය කළේය.
රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විනිසුරු මඩුල්ලේ සාමාජික විජිත් මලල්ගොඩ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමක සාමාජිකයකු වශ්‍යයෙන් විමර්ශන කටයුතු වලට සහභාගී වීම නිසා අද (13) සිට විභාග කිරීමට දින නියම කොට තිබු මෙම නඩු විභාගය කල් තැබීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තියේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන්ල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකල අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේග ඩබ්ලිව්ග ජනරංජන ඇතුළු සාක්ෂිකරුවන් ටද සෙසු සාක්කිකරුවන්ටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට හේතූ විමසා සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.