දිවයිනේ බොහෝ දිස්ත්රික්ක සඳහා බලපා ඇති දැඩි නියං තත්වය හම්බන්තොට දිස්ත්රික්කයටද දැඩි සේ බලපා ඇති මුත් මේ දිනවල අම්බලන්තොට රිදියගම ජලාශය වාන්දීමිම සිදුවේ .
මෙසේ වාන් දමන රිදියගම ජලාශයේ වාන්දොරටුව ආසන්නයේ ප්රදේශයේ විශාල පිරිසක් දියනෑමට පැමිණෙමින් තිබෙ අයුරුද දක්නට ලැබේ . වලවේ ගඟේ පිටව යන ජලය ඇළ මාර්ගයක් ඔස්සේ රිදිය ගම ජලාශයට ලබා දෙන අතර ඒ හේතුවෙන් රිදිය ගම ජලාශය මෙසේ වාන් දැමීම සිදුවේ .
කෙසේ නමුත් ජලාශය මේ ආකාරයෙන් වාන් දමන්නේ වසර හයකට පසුව පමණ බව රිදියගම ජලාශයෙහි ධීවර කටයුතු සිදුකරනු ලබන ප්රදේශයේ ධිවර ජනතාව පවසයි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට