කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් රද්දොළුගම සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පොලීසියේ නිලධාරීන් 20 දෙනෙකුට , ප්‍රදේශවාසීන් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වී ඇතැයි මෙම ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .
ඒ අනුව රද්දොළුගම පොලීසියේ නිලධාරීන් 15 දෙනෙකුට සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට ද අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .
එම නිසා එම පොලීසි වල සියලු නිලධාරී නීරෝධායනය සදහා ඔවුන්ගේ නිවෙස් වල සහ රජයේ රෝහල් වෙත යොමු කර තිබේ .
රද්දොළුගම සහ අධිවේගී මාර්ග පොලීසියේ රාජකාරී ආවරණය කිරීම සදහා මේ වනවිට වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් මෙම පොලීසි වෙත අනුයුක්ත කර තිබේ .
එමෙන්ම මීට අමතරව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාජපක්ෂපුර සහ ලියනගෙමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් 07 දෙනෙකුට ද අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .