රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (12දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවය.
2020 දෙසැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති වියදම ඇ.ඩො.මිලියන 0.5ක් වන අතර, එය 2019 දෙසැම්බර් මාසයේ වූ ඇ.ඩො.මිලියන 83.9ක වියදම හා සැසඳීමේදී 99.5%ක පහළ යෑමකි.