රත්නපුර නගරයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස අතුරු මාර්ගයක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව රත්නපුර නාගරික ප්‍රදේශය මගහැර ගංවතුර මට්ටමට වඩා ඉහළින් පිහිටන සේ මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
වෙරළුපේ සිටි වරකාතොට පාලම දක්වා මංතීරු හතරකින් යුතුව කිලෝමීටර් 2.2ක දිගින් යුතව මීටර් 900ක දිගින් යුත් පාලම් 03ක් සමගින් මෙම මාර්ගය ඉදිකරයි.
කොළඹ, රත්නපුර,වැල්ලවාය,මඩකලපුව මාර්ගය රත්නපුර නගරය හරහා දිවෙයි. එසේම ගංවතුර තත්ත්වය හේතුවෙන්ද රත්නපුර ගමනාගමට බාධා එල්ල වෙයි.
මේ හේතුවෙන් සිදුවන ඉන්ධන නාස්තිය හා පරිසර දූෂණය අවම කිරීමට නව මාර්ගය ඉදිකරයි. මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.