මේ මස අවසන් වනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ සියලූම පුස්තකාල සහ ළමා උද්‍යාන වසා තැබීමටත්, සතිපොළවල් වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියලූම භාණ්ඩ අලෙවිකිරීමට ඉඩ නොදීමටත් අද රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුව තීරණය කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම කමිටුව රැස්විය.
අසනීප තත්ත්වයෙන් පසුවන සහ ඇවිද යාමට අපහසු අයට ඔවුන්ගේ නිවෙස්වලට ම ගොස් කෝවිඞ් මර්දන එන්නත ලබාදීමට ද එහිදී තීරණය වූ බවත් ඒ සදහා ග්‍රාමීය කමිටුවල සහාය ලබාගැනීමටත් තීරණය කළ බව ද රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුවේ සභාපතිනී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සදහන් කළාය.
රත්නපුර දිස්ත්‍රික්යෙන් පිටවන පළාත් මායිම්වල පවතින මාර්ග බාධක සදහා පොලිස් නිලධාරින්ගේ සහායට හමුදා නිලධාරින් යෙදවීමට ද මෙහිදි තීරණ විය.
ඒ අනුව පළාත් සංචරණ සීමා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරිමට ද තීරණය විය.