රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට වාර්තා වි ඇති සමස්ත කෝවිඩි රෝගීන්ගේ ගණන නවදහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සබරගමු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවැසිය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහරාජ නේවාසිකාගාරය කෝවිඩි රෝහලක් බවට පත් කිරිමේ වැඩසටහන සදහා පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ(12) බව පැවැසිය.
එහිදී තවදුරටත් අදහස් දක්වු කපිල කන්නන්ගර මහතා මෙසේද කිය-
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කිරිඇල්ල ,රත්නපුර ,කුරැවිට,පැල්මඩුල්ල,ඇඔලිපිටිය ,බලංගොඩ සහ ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවලින් එම කෝවිඩි රෝගීන් වැඩි පුර වාර්තා වෙනවා.
දැනට දිස්ත්‍රික්කයේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක රෝගීන් 1115 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. තවත් පිරිසක් නිවෙස්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා විශාල පිරිසක් පිටව යනවා. පිටව යන පිරිසට සමාන පිරිසක් අපි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට නැවත ඇතුලත් කිරිමද සිදු කරනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහනද අපි මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සංචරණ සිමා පැනවිමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන්ගේ වාර්තා විම තරමක් දුරට පාලනය වෙලා තිබෙනවා. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට පවතින වර්ෂාව හේතුන් රෝගීන්ගේ වැඩි විමක් තිබෙන්නේ වර්ෂා තත්ත්වය අඩු වු පසු රෝගීන්ගේ වාර්තා විමද අඩු වෙනවා.
විශේෂයෙන් සදහන් කල යුතුයි කෝවිඩ් තත්ත්වය පාලනය කිරිම සදහා ජනතාවගේ උනන්දුව අනිවාර්යයෙන්ම තිබිය යුතු. සෞඛ්‍ය අංශ , පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දේශපාලන අධිකාරිය මේ සදහා කැප විමෙන් කටයුතු කරන කරන බවද කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් සදහන් කලේය.