රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ටම දැඩි බලපෑම් ඇතිවී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 575 ක් පවතින අතර අද (21) වන විට ඉන් වසම් 258කින් ආපදා සිදුවීම් වාර්තා වුණා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 4495 ක පුද්ගලයින් 16863 දෙනෙකු ආපදාවට ලක් වී තිබෙනවා.
දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර මරණ 02 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, අනෙක් මරණය පැල්මඩුල්ල කොට්ඨාසයෙන් ද වාර්තා වුණා. පූර්ණ හානි වූ නිවාස 19 කි. අර්ධ හානි වූ නිවාස 1464 කි.
දිස්ත්‍රික්කයේ වෙනත් දේපල හානි 18 ක් වාර්තා වී තියෙනවා. ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 321 ක පුද්ගලයින් 1110 ක් සිය ඥාති නිවාසවලට ගොස් සිටිනවා. එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 07ක පවුල් 34 ක පුද්ගලයින් 142ක් ද මේ වන විට නතර කර තියෙනවා.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම