රත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් හා වෘත්තීය නගරයක් ලෙස දියුණු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
වසර 400 කට පසු රත්නපුර සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නැවත දේවාලය වෙත බාරදීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“රත්නපුර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස දියුණු කිරීමට විදේශ ආධාර මගින් ගොඩනැගීමට අපේ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය යටතේ තිබෙන බාහිර සම්පත් පිළිබඳ ආයතනය හරහා ඉල්ලීමක් කළා. විදේශ රටවලින් අපට ඒ සඳහා සතුටු දායක ප්‍රතිපළ ලැබී තිබෙනවා.
ඒ අනුව අප සාකච්ඡා කළ පරිද්දෙන් බලාපොරොත්තු වෙනවා එම ණය අධාර ලැබුණු වහාම සියළු දෙනාගේම හමුවක් කැඳවා ප්රමුඛතාවයන් මොනවාද කියා හඳුගෙන රත්නපුර නගරයත් වැදගත් බලගතු නගරයක් හැටියට ගොඩනගන්න.
දැනටමත් ගාල්ල, මහනුවර, අනුරාධපුරය සහ යාපනය කියන නගර අපි උපාය මාර්ගික නගර ලෙස මිලියන දස දහස් ගණනක් වියදම් කර ගොඩනගාගෙන යනවා. කුරුණෑගල, රත්නපුර සහ මාතර නගර අපේ ඊ ළඟට නගර ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන බව කිව යුතුයි.”