කෝවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් නවයක් ඊයේ රාත්‍රී සිට හුදකලා කළ බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේය.
රත්නපුර පොලිස් කොට්ඨාසයේ සිරිපාගම පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් නවයක් හුදකලා කර ඇති අතර සිරිපාගම පොලිස් වසමට අයත් උතුරු ගිලිමලේ, දකුණු ගිලීමලේ, මාපලාන, පාගොඩ, කැටවල, ගුරුලූවාන, ශ්‍රී පලාබද්දල, ඇඹුල්දෙනිය, සිරිපාගම, යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ අගුලූ දමා ඇති බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේය.
රත්නපුර දෙසින් හෝ කුරුවිට දෙසින් මෙම පොලිස් වසම්වලට අතුලූවීම සීමා කර ඇති බව පැවසූ පොලිස් අධිකාරීවරයා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්ත ඇතුලූ අත්‍යවශ්‍ය සේවා කටයුතු කරන අයට බාධාවකින් තොරව කටයුතු කිරිමට අවස්ථාව සලසා ඇතත් නිකරුණේ ගැවසීමට ඉඩක් නැති බවද පොලිස් අධිකාරීවරයා කීවේය.
රත්නපුර සහ කුරුවිට පොලිස් වසම් වල මායිම්වල මාර්ග බාධක යොදා පොලිස් නිලධාරින් පැය විසිහතර පුරා ආරක්ෂක රාජකාරීවල නිරතවන බවද පොලිස් අධිකාරීවරයා කීවේය.
ශ්රීපාදස්ථානයට යාමට ඇති ප්‍රධාන මාර්ගයට ද ශ්‍රී පලංබද්දල හරහා වැටී තිබේ. මෙම අගුලූ දැමූ ග්‍රාම නිලධාරී වසම් නවයේ කුඩා තේවතු හිමියන් විශාල පිරිසක් සිටින අතර ඔවුන්ගේ අමු තේ දලූ නිෂ්පාදන තේ කම්හල් වලට යැවීමට අගුලූ දැමීම බාධාවක් නොවන බවද පොලිස් අධිකාරීවරයා පැවසුවේය.