ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්රික්කයේ කලු ,කුරු,දෙනවක ,නිරිඇලි, වේ,ගලතුර, කුකුළේ යන ප්රධාන ගංගා සහ සෙසු ඇළ දොළ වල ජල මට්ටම් ශිඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පැවසීය .
ශ්රී පාද කදුවැටිය ඇතුළු ඇළ දොළ ගංගා වල ඉහළ පෝෂක ප්රදේශවලට නොකඩවා වැසි ඇදහැලෙයි.
පැය දෙකක් වැනි කෙටි කාලයකදී ඇතැම් ගංගා වල ජල මට්ටම් අඩි හතර පහකින් ඉහළ ගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කරයි.
තවදුරටත් තද වැසි පවතී නම්,අවදානමෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .