කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 3021දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, එම ආසාදිතයින්ගෙන් 2468 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්, රත්නපුර කොවිඩ් මර්දන කමිටුවේ සභාපති, මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය,
රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දින 14 දී පමණක්, එනම් 2021පෙබරවාරි මස 18 වැනි දා සිට මාර්තු මස 03 වැනිදා සවස් වන විට කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 597 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය. ඇහැලියගොඩ100 දෙනෙකුද,රත්නපුර 72 දෙනෙකුද, කුරුවිට 128 දෙනෙකුද, ගොඩකවෙල 22 දෙනෙකුද, පැල්මඩුල්ල 66 දෙනෙකුද, ඇලපාත 36 දෙනෙකුද, කිරිඇල්ල 43 දෙනෙකුද, ඇඹිලිපිටියෙන් 16 දෙනෙකුද, නිවිතිගල 38 දෙනෙකුද, ඕපනායක 04 දෙනෙකුද, කහවත්ත 13 දෙනෙකුද, බළංගොඩ 21 දෙනෙකුද, ඉඹුල්පේ 15 දෙනෙකුද, වැලිගෙපොල 09 දෙනෙකුද, කලවාන 06 දෙනෙකුද, කොලොන්න 07 දෙනෙකුද, අයගම 01 අයෙකුද ලෙසය.
එමෙන්ම සමස්තයක් ලෙස ගත්විට ඊයේ(03) වැනිදා සවස් වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්, සුවය ලැබූ පුද්ගලයින් හා ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය.
ඇහැලියගොඩ කොට්ඨාසයේ පුද්ගලයින් 835 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 634 ක් වන අතර ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 221 කි. රත්නපුර කොට්ඨාසයේපුද්ගලයින් 443 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 356 ක් වන අතර ස්වයං නිරෝධායනය වන පිරිස 641 කි.කුරුවිට කොට්ඨාසයේ 623 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 549 කි.ස්වයං නිරෝධායනය වන පිරිස 381 කි.අයගම කොට්ඨාසයේ 57 දෙනෙකුට රෝගය වැළදුණ අතර එම 57 දෙනාම සුවය ලබා ඇත.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 128 කි.කිරිඇල්ලකොට්ඨාසයේ 152 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 140 කි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 331 කි.කහවත්ත කොට්ඨාසයේ 87 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 80 දෙනෙකි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 128 කි.ඇලපාත කොට්ඨාසයේ 141 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 125 දෙනෙකි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 99 කි.ගොඩකවෙල කොට්ඨාසයේ 99 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 82දෙනෙකි. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 123 කි.ඕපනායක කොට්ඨාසයේ 56 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 53 කි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 26 කි.පැල්මඩුල්ල කොට්ඨාසයේ 179 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 129 දෙනෙකි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 286 කි.ඉඹුල්පේ කොට්ඨාසයේ 50 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 40 කි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 54 කි.ඇඹිලිපිටිය කොට්ඨාසයේ 53 දෙනෙකුට රෝගය වැළදුණ අතර 32 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 252 කි.නිවිතිගල කොට්ඨාසයේ 111 දෙනෙකුට රෝගය වැළදුණ අතර සුවය ලැබූ සංඛ්‍යාව 83 දෙනෙකි.ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 163 කි.බළංගොඩ කොට්ඨාසයේ 52 දෙනෙකුට රෝගය වැළඳුණ අතර 42 දෙනෙකු සුවය ලබා ඇත.ස්වයං නිරෝධායනය වන පිරිස 150 කි.කලවාන කොට්ඨාසයේ 52 දෙනෙකුට රෝගය වැළදුණ අතර 46 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 242 කි.වැලිගෙපොල කොට්ඨාසයේ 14 දෙනෙකුට රෝගය වැළදුණ අතර 08 දෙනෙකුසුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 34 කි.කොලොන්න කොට්ඨාසයේ 17 දෙනෙකුට රෝගය වැළදුණ අතර 12 දෙනෙකු සුවය ලබා ඇත. ස්වයං නිරෝධායනය වන සංඛ්‍යාව 110 කි. ඒ අනුව සමස්තයක් ලෙස ගත් විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ(03) දින සවස් වනවිට පවුල් 932 ක පුද්ගලයින් 3369 දෙනෙකු නිරෝධායනයට ලක් වන බවද පැවසුවාය.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම