මේවනවිට රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 250කින් 09ක් කෝවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගු මහතා 29දා සවස පැවති රත්නපුර දිස්ත්‍රික්ක කොරෝනා මර්දන කමිටුවට දැනුම් දුන්නේය.
ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් අටදෙනෙක් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වූ අතර එක් පුද්ගලයෙක් පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබළෙකි.
ඔහු රත්නපුර කනේගල්ල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට පැමිණ සිටියදී අසනීපවීම නිසා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෝවිඩු 19 ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.
බළන්ගොඩ, ඇඹිලිපිටිය, කහවත්ත, කලවාන සහ ඇහැළියගොඩ යන රෝහල් වලදී පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද රෝහල් අධ්යක්ෂවරයා මෙහිදී දැනුම් දුන්නේය. එම රෝහල් වලට එන සැක සහිත රෝගීන්ගේ ජෛව සාම්පල ගැනීමට රෝගීන් රත්නපුර මහ රෝහලට එවීමේදී ඇතිවන අනාරක්ෂිත බව නැති කිරිමට එම පියවර ගන්නා බවද රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.