කෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ රැස්විය
එසේම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සියල්ලම විෂබීජානුහරණය කිරිමට ද තීරණය විය.
මිනුවන්ගොඩ ඇ`ගලුම් කර්මාන්තශාලාවේ සේවය කළ කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ සමීපතමයින් කිහිපදෙනෙක් කිරිඇල්ල, උඩවළව, ඉඹුල්පේ සහ නිවිතිගල ප්‍රදේශවලට පැමිණ ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් සිටින්නැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඉල්ලා සිටියාය.
රත්නපුර දිස්ත්‍රික්කයට ඇ`දිරි නීතිය පනවා නොතිබුණද සංචරණ කටයුතු හැකි තරමක් සීමාකරන්නැයි ද දිස්ත්‍රික් ලේකම්වරිය මහජනතාවගෙන් ඉල්ලිමක් කළාය.
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල, කලවාන, රත්නපුර, ගොඩකවෙල, ඉඹුල්පේ සහ අයගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවන් 55ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
අජිතලාල් ශාන්ත උදය