රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 ආසාදිතයින් අට දෙනෙක් අද (23) වනවිට හමුවී ඇති අතර ඉන් තිදෙනෙක් පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයේ පොකුරට සම්බන්ධ බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මෙම තිදෙනාම මාළු ව්‍යාපාරයට සම්බන්ධ අය වන අතර රත්නපුර, කුට්ටිගල සහ ඇහැළියගොඩ යන ප්‍රදේශවල අය වෙති.
රත්නපුර මුවගම ප්‍රදේශයේ ආසාදිත බවට හදුනාගත් මාලූ ව්‍යාපාරිකයාගේ මුල් පෙලේ ආසාදිතයින් 28 දෙනෙක් මේ වනවිට පීසීආර් පරීක්ෂණවලට යොමුකර ඇති බවද පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා සදහන් කළේය.
ඔවුන්ගෙන් 14ක් රත්නපුර නාගරික මාළු වෙළද මධ්‍යස්ථානයේ අය වන අතර සෙසු අය නගර සභාවට සම්බන්ධ සහ වෙනත් අය බව ද පැවසුවේය.
මේ අතර ආසාදිත මාළු ව්‍යාපාරිකයා සිය පදිංචි ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම ගොස් ඇති බවට තොරතුරු ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් සියලූ දෙනාම ස්වයං නිරෝධායනයට ලක්කරන බවද පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වනට හමුවු කෝවිඩ් 19 ආසාදිතයන් පොකුරු 04කට සම්බන්ධවුවන් බවට සැකකරන්නේ යැයිද පළාත් සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා පැවසුවේය.
කිරිඇල්ල සහ එල්ලාවලින් මුලින්ම හමුවු දෙදෙනා බ්‍රැන්ඩික්ස් පොකුරට අයත්වෙයි. දෙවෙනියට කහවත්ත ඇන්දානෙන් හමුවී ඇත්තේ මාලදිවයිනේ සිට පැමිණ යළි මාලදිවයින බලා යාමට ගිය විදෙස්ගත පොකුරට අයත් ආසාදිතයෙකි. පෑලියගොඩ මාළු පොකුරෙන් තිදෙනෙක් සිටිති. ඊට අමතරව ඇලපාතින් හමුව ඇත්තේ වරායේ සේවය කරන අයෙකි. වරාය ඩොක්යාඞ් ආයතනයේ සේවය කෙරන ඇහැලියගොඩ පදිංචිකරුවෙක් ද කෝවිඞ් ආසාදිත බවට තහවුරුවී ඇත. ඒ අනුව මෙම අට දෙනා පොකුරු හතරකට අයත් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සදහන් කළේය.