රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිරන්තරයෙන් සිදුවන ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජීවිත බේරාගැනීම සදහා නාවික හමුදා කදවුරක් රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට අදහස් කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (21) සදහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ආපදා කළමනාකරණ සාකච්ඡාවට එක්වෙමිනි.
"ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අවධානය යොමු කිරීමට අදහස් කරනවා.
සබරගමුව පළාතේ සිදුවන ගංවතුර අවස්ථාවලදී නාවික හමුදාව විපතට පත්වූවන් බේරාගැනීම සඳහා කටයුතු කරනවා. එය වඩාත් විධිමත්ව සහ ඉක්මනින් ඉටුකිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථිර නාවික හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට අදහස් කළේෙ"
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලිනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම