මාතලේ රත්තොට ප්රදේශයේදී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා, වෙනත් පුද්ගලයෙකුගේ ගම්මිරිස් වගා කර තිබු ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී ඇති බවත්, පසුව ඉඩම්හිමියා විසින් වෙඩි තබා ඇති බවත් ය.
එම සිද්ධියෙන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය ද සමඟ පොලීසියට භාර වී තිබේ.
ඔහු එහිදී පොලීසියට පවසා ඇත්තේ, තම ඉඩමට “වල් ඌරෙකු“ පැමිණියේ යැයි සිතා වෙඩිතැබීම සිදුකළ බවය.