රත්තොට ප්රාදේශිය සභාවේ මන්ත්රිවරයෙකුට ඊයේ (11) පෙරවරුවේ පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලීසිය පවසයි.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අදාළ මන්ත්රිවරයා ඊයේ (11) පෙරවරුවේ ප්රාදේශිය සභාව ඉදිරිපිටදි පහර කැමට ලක්ව ඇති අතර මන්ත්රිවරයා විසින් සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.
සිද්ධියට අදාළ සැකකරු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපති පො.ප හර්බට් සිල්වා මහතා ඇතුලු නිලධාරින් පිරිසක් පරික්ෂණ පවත්වයි.